ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගය නොලැබී යාමේ අවදානමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳ විජයදාස රාජපක්ෂගෙන් මාධ්‍ය විමසූ විට පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සහයෝගය ලැබුණහොත් පිළිගන්නා අතර නොලැබුණහොත් එය ද පිළිගන්නා බවයි.
හිටපු අධිකරණ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන බව පවසා ඔහු එම පක්ෂයට බඳවා ගෙන සභාපති ධූරය ලබා දීමට පවා පසුගිය සමයේ මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණි.
කෙසේ වුව ද විජයදාස රාජපක්ෂ අවසානයේ ජනාධිපති සටනට ඉදිරිපත් වන්නේ ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසය.
හිටපු අධිකරණ ඇමැතිවරයා නාම යෝජනා අත්සන් කරන අවස්ථාවේ ද මෛත්‍රීපාල සිරිසේන දක්නට නොසිටි අතර ඔහු සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි