ශිෂ්‍ය අරගල මුවාවෙන් තමා බලයෙන් පහ කිරීම පිටුපස ඇමරිකා එක්සත් ජනපදය සිටින බවට බංග්ලාදේශ හිටපු අගමැතිනී ශික් හසීනා චෝදනා කරයි.
හිටපු අගමැතිනිය හෙළි කළේ, සිය රටට අයත් ශාන්ත මාටිං දූපතේ ස්වෛරීත්වය එක්සත් ජනපදයට පාවා දිනි නම් තමන්ට දිගට ම බලයේ රැඳී සිටීමට හැකියාව තිබූ බවයි.
ඔවුන්ට අවශ්‍ය වූයේ ශිෂ්‍ය මල කඳන් මතින් රටේ පාලන බලය ඩැහැ ගැනීම බවත් තමන් ඊට ඉඩ නොදී ඉල්ලා අස් වූ බවත් ශික් හසීනා සඳහන් කරයි.
අන්තවාදීන්ගේ අතකොළුවක් බවට පත් නොවන ලෙස හිටපු අගමැතිනිය සිය රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.