අපි ආණ්ඩුව නොගත්තේ හොරු එක්ක නිදිවදින්න බැරි නිසා…! – හිරුණිකා…

August 5, 2024 at 5:49 pm | by emanisa.lk

සමගි ජන බලවේගය අර්බුදය අවස්ථාවේ ආණ්ඩුව භාර නොගත්තේ රට බංකොලොත් කළ පිරිස සමග නිදිවැදීමට නොහැකි නිසා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

හිටපු මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ, රට විනාශ කළ කල්ලිය වට කරගෙන සිටින ලැජ්ජාවක් නැති රනිල් වික්‍රමසිංහට කළ හැකි දෙයක් නොමැති බවයි.

සජිත් ප්‍රේමදාස දර්ශනයක් ඇති අනාගතය පෙනෙන ඉදිරිගාමී නායකයෙක් බව ද ඔහුගේ ජයග්‍රහණය ස්ථිර බව ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *