බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ.
සිය නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙරයි. විරෝධතාකරුවන් අගමැති නිල නිවස කොල්ලකමින් ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබෙන අතර අගමැතිනිය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩකා අගනුවර තිබූ බංග්ලාදේශ නිර්මාතෘ මුජිබර් රහුමාන්ගේ ප්‍රතිමාව ද විරෝධතාකරුන් විනාශ කර තිබේ.
පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.