පොහොට්ටුවේ ලොකුම හතුරා රනිල්…!- විජයදාස රාජපක්ෂ…

August 3, 2024 at 9:47 am | by emanisa.lk

පොහොට්ටුවේ ප්‍රධාන දේශපාලන හතුරා රනිල් වික්‍රමසිංහ බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මහින්ද රාජපක්ෂගේ ගෙදර සිටි සියලු දෙනා දැන් රනිල් වික්‍රමසිංහ වෙත ගොස් ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

හිටපු ඇමැතිවරයා සඳහන් කළේ, රටේ බලය රාජපක්ෂලාට තිබිණි නම් ඒ සියලු දෙනා රාජපක්ෂලා සමග සිටින බවයි.

හොරු හොරුන් රකින අතර ඊට විරුද්ධ වූ තමන්ට හැම ආණ්ඩුවකින් ම එළියට බැසීමට සිදු වූ බව ද විජයදාස රාජපක්ෂ සිහිපත් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ‘පෙරමුණ විජයග්‍රහණයේ පෙර දැක්ම’ නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වූ විශේෂ නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *