අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
“කැබිනට් මණ්ඩලයේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන කිසිවෙකුත් තවම ඉදිරිපත් වී නෑ. අපි දෙන්නම ආගන්තුක පක්ෂවලින් තරග කරන්නේ. ජනාධිපතිතුමා මේ ගැන මගෙන් මතය ඇහුවා.
ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෙම අමාත්‍ය ධුරයෙන් සමුගන්න තීරණය කළා. ඒ බව මම දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ධුර භාරගැනීම, නෙරපීම, ඉවත්වීම මට සාමාන්‍ය දෙයක්. මීට පෙර 6 වතාවක් මට පිරිනැමපු අමාත්‍ය ධුර මම භාරගෙන නෑ.”
අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නේය.