පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරක් පැවැත්විණි. ශ්‍රී ලංකාව 2022 වසරේ එහි අනු ශූරියන් බවට පත්විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167ක් ලබමින් ආසියානු ශූරියන් බවට පත්විය.