පසුගිය අරගල සමයේ කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් පේක්ෂකයන් වන අතර දේශබන්දු තෙන්නකෝන් රාජ්‍යයේ ආරක්ෂාව උදෙසා කටයුතු කළ බව කීර්ති රත්නායක පවසයි.
මහින්ද රාජපක්ෂලා මෙන් ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරමින් කටයුතු කළ දේශබන්දු වෙනුවෙන් කිසිදු භික්ෂුවක් ඉදිරියට නො ආ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
අරගලයේ පේක්ෂකයන් බවට පත් වූ ආරක්ෂක ප්‍රධානීන් තවමත් සිය තනතුරුවල කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්ෂට සහ දේශබන්දුට පමණක් සිය තනතුරු අහිමි වී ඇතැයි ද හෙතෙම කීය.
කතෝලික පල්ලිය මෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සහ පාතාළ කල්ලි වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ද දේශබන්දු නෙරපීමේ මෙහෙයුම පිටුපස සිටින බවට ද කීර්ති රත්නායක චෝදනා කරයි.
youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.