පොහොට්ටුවේ මැති ඇමැති 40ක් දැනටමත් රනිල්ට… මේ ඔක්කෝම පක්ෂේ නෙමෙයි රට වෙනුවෙන්..! – මහින්දානන්ද අලුත්ගමගේ…

July 28, 2024 at 9:18 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 40කට වැඩි පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට එක්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“අද මේ වේදිකාව දිහා බලපුවාම මෙතන ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු 40කට වැඩි පිරිසක්. මේ වේදිකාවේ ඉන්නවා නැගෙනහිර පළාතේ මුස්ලිම් නායකත්වය. අතාවුල්ලා ඇමතිතුමා මේ වේදිකාවෙ ඉන්නවා. තොණ්ඩමන් ඇමතිතුමාගෙ පක්ෂය මේ වේදිකාවෙ ඉන්නවා.

අපි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දීලා නෑ. අපි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනවන්න කටයුතු කරලා නෑ. හැබැයි අම්මේ තාත්තේ පටු දේශපාලන පක්ෂ නෙවෙයි, පක්ෂයට කලින් රට. ඒ නිසා තමයි කොන්දේසි විරහිතව රට වෙනුවෙන් අපි සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක හිටගත්තේ කියන එක අපි තමුන්නාන්සෙලාට කියන්න ඕනෙ.”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) ගාල්ලේදී පැවති “එක්ව ජයගමු” ජන රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *