ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමි ඊයේ (26) ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණිය ද එම කටයුතු කළ නොහැකි විය.
“නොවැළැක්විය හැකි හේතුවක් මත මට අද ඇප මුදල් බඳින්න බැරිවුණා. මොකද මගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දාලා ඇවිල්ලා. ඒ නිසා සඳුදා 10.30 ට පැමිණිලා ඇප මුදල් බඳිනවා මෙවර ජනාධිපතිවරණයට.
රට හදන්නට ඉදිරිපත්ව සිටින ඇතැම් දේශපාලන පක්ෂවලට කිසිදු ආර්ථික දැක්මක් නොමැති නමුත් ජනසෙත පෙරමුණට ආර්ථිකය සම්බන්ධ දැක්මක් ඇති බව පැවසූ එහිමියන් ආර්ථිකය සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක නායකයකු සමග ප්රසිද්ධ සංවාදයකට තමන් ඉදිරිපත් වන බවත් සඳහන් කළේය.
බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණ කිහිපයකට ම ට්රැක්ටරය ලකුණින් තරඟ කළ පළපුරුදු අපේක්ෂකයෙකි.