රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එම ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි.
මැයි 7 වැනිදා කොල්ලුපිටියේ හෝටලයකදී තමන්ට පහර දුන් බව කියන 39 එම ව්‍යාපාරයේ නිලධාරිනියගේ පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලිසිය යද්දෙහිගේට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබිණි.
සේන යක්දෙහිගේ එදින ලංකාවට පැමිණෙන බව දන්වා අදාළ හෝටලයේ දී තමා හමුවන ලෙස අදාළ නිලධාරිනියට දැනුම් දී ඇති අතර එම පහර දීම සිදුව ඇත්තේ එහි දී ය. ඊට පසු එදිනම යක්දෙහිගේ විදෙස්ගතව ඇති අතර නැවත ලංකාවට පැමිණ නැත.
සේන යක්දෙහිගේට විදේශ ගමන් තහනම බලාත්මක කිරීමට සහ අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු පැමිණෙන තෙක් බලා බව කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කරයි.