වනිඳු කෙසෙල් ගහට කොටයි… ලක්ෂ 11ක දඩයක් කයි…!

July 8, 2024 at 10:31 am | by emanisa.lk

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක) දඩයක් නියම කිරීමට LPL තරග කමිටුව තීරණය කර තිබේ.

මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම්, උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් සහිත හෙල්මට් එකක් පැළඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ ඇත.

එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම විනිසුරු තීරණයට අවනත නොවී ඇති අතර විනිසුරුවරයා එය තරඟ තීරක ග්‍රේම් ලැබ්රෝයිට දැනුම් දීමෙන් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ.

එමෙන්ම තරග අවසානයේ පැවැත්වෙන තෑගි ප්‍රදානෝත්සවයට නිසි පරිදි සම්පූර්ණ ක්‍රීඩක ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු බවට ද ක්‍රීඩකයින්ට නියෝග කොට ඇත. වනිඳු හසරංග තරග අවසානයේ පැවති තෑගි ප්‍රදානෝත්සවයකට සෙරෙප්පු දෙකක් දමාගෙන පැමිණීම මෙම දැනුම් දීමට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *