සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි.
”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාවය.
සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වෙයි.
මෙම අවස්ථාවට සර්වජන බලය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයෝ එකතු වූහ.
සෑම ක්ෂේත්රයකම ක්‍රියාත්මක කිරීමට යෝජිත සංශෝධන මෙම උපායාමර්ගික වැඩපිළිවෙළ තුළ විස්තරාත්මකව ඇතුළත් කර තිබේ.
මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කර ජනතා අදහස් ගෙන අවසන් කෙටුම්පත සකස්කිරීමට සර්වජන බලය සැලසුම් කර තිබේ.