ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර පිළිගන්නා බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
දයාසිරි ජයසේකර එම තනතුරින් තමන් ඉවත් කළ ද ඒ වන විට පක්ෂයේ පැවැති වාතාවරණය වෙනස් බවයි, ඔහු සඳහන් කළේ.
මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමට තමන්ට ආරාධනා නොකළ ද එහි යන බව ද හෙතෙම කීය.
පක්ෂ සභාපති විජයදාස රාජපක්ෂ වන අතර නිමල් සිරිපාල ද සිල්වා ශ්රීලනිපයේ එවැනි තනතුරක් ලබා දී නොමැති බවත් මෛත්රීපාල සිරිසේන සඳහන් කළේය.