තවත් ඇමැතිවරයෙක් දිවුරුම් දෙයි…!

June 24, 2024 at 10:27 am | by emanisa.lk

වෙළඳ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ද දිවුරුම් දී තිබේ.

අද (24) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ සතාසිවම් වියාලේන්ද්‍රන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු 2020 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *