විභාග අක්‍රමිකතාවක්… සහිරා සිසුවියන් 70ක ප්‍රතිඵල අත්හිටුවයි…!

June 19, 2024 at 3:18 pm | by emanisa.lk

තිරිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇත.

විභාග අක්‍රමිකතාවක් හේතු කොටගෙන මෙම ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත් දැනට විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දැන ගන්නට ඇත.

මෙම විදුහලේ සිසු සිසු වියන් 114ක් විභාගයට පෙනී සිට ඇති බවත් එම පිරිසෙන් 44 දෙනකුගේ ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදුහල්පතිවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා හමු වී අදාළ සිසුවියන් තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *