පහේ ශිෂ්‍යත්වයේ පෙරළියක්… ලකුණු 30ක් පන්තියේ වැඩවලට…!

June 17, 2024 at 9:46 am | by emanisa.lk

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්නපත්‍රවලින් පමණක් ලබා ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවත් 1-6-10 නියමු ව්‍යාපෘති යටතේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනස්කම් සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ අනුව, සිසුන් හතර සහ පහ ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මගින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 30% ක් ලබා දෙන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

මෙය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් පාසල් මණ්ඩල ගුරුවරුන් අධීක්ෂණය කළ යුතු බවත් ඇමති ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කළේ, නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට ගෙන මෙම අධ්‍යාපන ක්‍රමවේද සැලසුම් කර ඇති බව ය.

නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදි කළ නව තෙමහල් තාක්ෂණ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඊයේ (16) ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *