ප්‍රධාන ගංගාවල ගංවතුර පාලනය කිරීම සඳහා මැලේසියාවේ යොදාගන්නා ක්‍රමවේදය අපත් අනුගමනය කළයුතු බව ප්‍රකට ව්‍යපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.
“දැන් මේ දවස්වල ගංවතුර හැමතැනම. ගංවතුර ආවාට පස්සේ ආර්ථිකයට කොච්චර ලොකු හානියක් වෙනවද? කොච්චර විනාශයක් වෙනවද? ළමයින්ට පාසල් යන්න විදියක් නෑ, ඒ මානසික තත්ව වෙනස් වෙනවා, ළමයින්ගෙ පොත්පත් විනාශ වෙනවා, එතකොට ඒ ළමයාව ආයෙ අතෙන්ට ගේන්නෙ කොහොමද? හැබැයි කවුරුහරි කියලා තියෙනවද ගංවතුර ප්රශ්නය මං මෙන්න මේ විදියට විසඳනවා කියලා?
මං 2016 ඔය කොලොන්නාවේ කැලණි ගඟ උතුරන එක ගැන එක ප්‍රොජෙක්ට් එකක් කළා. මම වෙනම බෝඩ් දාලා සම්පූර්ණ සර්වේ එකක් කළා කැලණි ගඟේ ජල මට්ටම්, මෝය කට, වතුර බහින්නේ කොහොමද, මේ ඔක්කොම බලන්න කියලා මම කිලෝමීටර් 8ක් මෝය කටේ ඉඳලා උඩට සම්පූර්ණ ප්ලෑන් එකක් ඇඳලා බැලුවා මොකක්ද ප්රශ්නය කියලා මේ කොලොන්නාව යටවෙන එකට. බලන් යනකොට ගඟේ බන්ට් එක හය තැනකින් කැඩිලා. එතකොට කොලොන්නාවට වතුර දානවා හය තැනකින්.
දැන් ඔය ප්රවෘත්තිවල යන්නේ වැලි බෑග් වලින් බැමි ගහනවා කියලා, අන්න ඒ හයේ. හැබැයි මැලේසියාවේ මේ කැළනි ගඟ වගේ ගංගා හතරක් තියෙනවා. ඕනෙ නම් ළමයෙකුට අද ගූග්ල් මැප්ස්වලින් ගිහිල්ලා බලන්න පුළුවන් ඒකෙ මෝය කට කොහොමද තියෙන්නෙ කියලා. අපේ අය කියන්නෙ මෝය කට හෑරුවාම ගඟ දිගේ උඩට ලුණු වතුර එනවාලු. ඒකට වහින කාලෙට මෝය කට හාරනවා, වහින් නැති කාලෙට ඒක ආයෙ පුරවනවා. වැහි කාලෙට හාරන්න ඕනෙ, වැහි නැවතුණාම ටොන් එකේ වගේ වැලි බෑග්වලින් ඒ කපපු මෝය කට කොටස ආයෙ වහන්න ඕනෙ. හැබැයි අපි ඒක ස්වභාවිකව තියාගෙන ඉන්නවා, අර ක්‍රියාව කරන්නෙ නෑ.
මේ වගේම තමයි වඳුරොත්. වහින වෙලාවට ඒගොල්ලො එකතු වෙලා කතා කරනවාලු ‘අපි හැමදාම මේ වගේ තෙමිලා තේරුමක් නෑ, අපි ගෙවල් හදන්න ඕනෙ’ කියලා. වැහැලා ඉවර වුණායින් පස්සේ ඒක අමතකයි. අද වෙනකල් ඕගොල්ලො දැකලා තියෙනවාද වඳුරන්ට ගෙවල් තියෙනවා ? නෑනෙ. ඒ වගේම තමයි අපටත් ගංවතුර පාලනය. ගංවතුර එනකොට හැමෝම පැන පැන කියනවා විසඳනවා කියලා, හැබැයි හැම අවුරුද්දෙම ගංවතුර.
ගංවතුර කිව්වාම මම කතා කළේ එකයි, කොලොන්නාවෙ ගංවතුර ප්රශ්නය විසඳන්න විතරයි. හැබැයි ඕනෙ නම් මේ වගේ ප්‍රශ්න 200ක් තියෙයි. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ විසඳන්නයි තියෙන්නෙ.”
ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (09) අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික පත් ප්රදානෝත්සවය අමතමිනි.