විදුලිය බිඳවැටීම් ක්ෂණිකව දැනුම් දෙන්න අලුත් වැඩපිළිවෙළක්…!

May 23, 2024 at 4:05 pm | by emanisa.lk

විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ. මේ දිනවල දිවයින පුරා බහුල ලෙස සිදුවන විදුලිය බිඳ වැටීම් වහාම දැනුම් දීම සඳහා පහත ක්‍රමවේදය අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව විදුලි බිඳ වැටීම් පිළිබඳව දැනුම්වත් කිරිමට ලබා දී ඇති 1987 අංකයට සම්බන්ධ වීමට නොහැකි පාරිභෝගිකයන්ට1987 අංකයට BD යන අකුරු සමග විදුලි පාරිභෝගික අංකය SMS කළ හැකිය. එසේම CEB Care යෙදුම මගින් හෝ cebcare.ceb.lk වෙබ් පිටුටව පිවිසීම මගින් තම ගැටලු පිළිබඳ දැනුම්වත් කළ හැකිය.

පසුගිය දින 3 තුළ විදුලිය බිඳ වැටීම් 36,900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එමගින් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇණ හිට ඇත. එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වන බවද සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *