හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුවේ පෞද්ගලිකකරණ වැඩපිළිවෙළ පිළිබඳ ලිපිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් x ගිණුමෙහි සටහනක් තබා තිබේ.
වර්තමානයේ නිදහස ජනතා සභාව නියෝජනය කරන චරිත හේරත් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ස්ථාවරය පිළිගන්නා අතර ඊට ගරු කරන බවයි.
කෙසේ වුව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ අනුමත කර ඇත්තේ පොදුජන පෙරමුණ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එය නවත්වන්නේ නැතිව ප්‍රතිව්‍යුහගතකරණ මුවාවෙන් කරන ‘ගජමිතුරුකරණය’ නැවැත්විය නොහැකි බව ද චරිත හේරත් අවධාරණය කරයි.