රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල් ස්වල්පයක් කෑමට ලබා දුන් කුකුලන් හත්දෙනකු මිය යෑමේ සිද්ධියක් රිදීගමින් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු රස පරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත.
රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් ස්වල්පයක් මෙලෙස කුකුලන්ට දී ඇති අතර එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුනව වැටී පසුව මියගිය බව නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිණිලි කර තිබේ.