රාජපක්ෂලා බේර ගන්න පාර්ලිමේන්තුව විසුරුවන්න එපා…! – පාඨලී…

May 11, 2024 at 5:01 pm | by emanisa.lk

ණය ප්‍රතිව්‍යුහගතකරණය කර රට ස්ථාවර කරන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

රාජපක්ෂවරුන් ගලවා ගැනීම සඳහා මේ අවස්ථාවේ මහා මැතිවරණයක් පැවැත්විය යුතු නැති බවයි, ඔහු අවධාරණය කළේ.

රට ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ජුනි මාසය අවසන් වීමට පෙර සිදු කරන බවට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළ බවත් ඊට පෙර මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසත් පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *