ජාතික ජන බලවේගය යනුවෙන් නැවත කරළියට පැමිණ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ නම් ම්ලේච්ඡ මිනිමරු කල්ලිය බව පසුගිය සමයේ පැහැදිලි වූ බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි පෙන්වා දෙන්නේ කැලේ මාරු වුව ද කොටියාගේ පුල්ලි මාරු වී නැති බවයි.
88-89 කාලයේ ලයිට් දෙනවා ද දෙනවාද කඩ අරිනවා ද වහනව ද යන සියල්ල එදා තීරණය කළේ ලාල් කාන්තලාගේ කැලෑ නීතිය අනුව බව ද ඔහු සඳහන් කරයි.
බස් ගිනි තැබීම, ගෙවල් ගිනි තැබීම, මිනී මැරීම හැර කළ හැකි දෙයක් නොමැති බවත් මෙවර බලය ඉල්ලන්නේ එම කැලෑ නීතිය නැවත ක්රියාත්මක කිරීමට බවත් චමින්ද විජේසිරි අවධාරණය කරයි.