සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා බව කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර එය නොදැන සිටීම පුදුමයට කාරණයක් යැයි ද හෙතෙම කීය.
කංචන විජේසේකර පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය නිසා යම් නොමඟ යැවීමක් සිදුවී තිබෙන බව කී මන්ත්‍රීවරයා 2020 පෙබරවාරි මාසයේ සිට සමගි ජන බලවේගයේ ලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මහතා වන අතර නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස බව ද ප්‍රකාශ කළේය.
2020 මාර්තු මාසයේදී මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදෙන විට එම නාම යෝජනා පත්‍ර අත්සන් කළේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා බව ද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
සජබ මහ ලේකම්වරයාගේ පත්වීම නීති විරෝධී බවත් නාමයෝජනා අවලංගු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂය පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රංජිත් මද්දුම බණ්ඩාරගේ පත්වීම නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන්නේ යැයිද එරාන් වික්‍රමරත්න මහතා කීය.