මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගිය බ්‍රහස්පතින්දා (25) කරන ලද මිනීමැරුම්, මත්ද්‍රව්‍ය අලෙවිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය තුරන් කිරීම “පාපයක් නොවේ” යන ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න පවසයි.
අමාත්‍යවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ද නීතිඥ මණ්ඩලය විසින් සම්මත කරගෙන තිබෙන බව හෙතෙම සඳහන් කරයි.
අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි නීතිඥ සංගමය අවධාරණය කරයි.
නීතිය හා සාමය බිඳ වැටී ඇති බව පෙන්වා දෙන නීතීඥ සංගමයේ සභාපතිවරයා පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට ද චෝදනා කරයි.