සැමියා සතුටු කරන බිරිඳට වැටුප් ගෙවන ක්‍රමයක් හදනවා..! – හරිනි…

April 6, 2024 at 7:23 pm | by emanisa.lk

ධනේෂ්වර ලෝකයේ වීරවරියන් බවට පත්ව ඇත්තේ හම්බ කරන, දරුවන් හදන, වැඩහිටියන් රැකබලා ගන්නා අතර සිය සැමියා සතුටු කරන කාන්තාවන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය පවසයි.

එලෙස සාර්ථක විය හැකි කාන්තාවන් කෙතරම් මේ ලෝකයේ සිටී දැයි මන්ත්‍රීවරිය ප්‍රශ්න කරයි.

ධනේෂ්වර ආණ්ඩු කිසිදු වැටුපක් නොගෙවා මේ සියලු වගකීම් කාන්තාවන් පිට පටවා සිය වගකීම්වලින් බැහැර වී ඇතැයි ද ඇය ප්‍රකාශ කරයි.

මෙම ධනේෂ්වර සූරාකෑම වෙනස් කිරීම සිය පක්ෂයේ අරමුණ බව ද හරිනි අමරසූරිය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *