රේගු ආඥා පනතේ නීතිරීතිවලට පටහැණිව 2022/ 2023 වසරේදී රේගු ඔත්තුකරුවන්ට සහ ත්‍යාගලාභීන්ට විවිධ හේතු මත ප්‍රමුඛත්වය ලබා දී තෑගි මුදල් වශයෙන් රුපියල් කෝටි 72 පමණ මුදලක් ගෙවා ඇති බව විගණනයේ දී අනාවරණය වී තිබේ.
පවත්නා නීතිය අනුව රේගු වැරදි සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී එම වැරදිවලට අදාළව කරන බදු අයකිරීම් රාජ්‍ය ආදායමට බැර කළ යුතුය. එහෙත් එසේ නොකර රේගුවට හිමි බදු ආදායම ද දණ්ඩනයක් ලෙස සලකා එම බදු මුදලින් 50% ක් රේගු නිලධාරීන්ට සහ ඔත්තුකරුවන්ට ගෙවීමෙන් රාජ්‍ය ආදායමට විශාල අගතියක් සිදුව තිබේ.
ඒ බව රාජ්‍ය විගණන අංශ විසින් වසර ගණනාවක් තිස්සේම පෙන්වා දී ඇතත් ඒ බව නොසලකා දිගින් දිගටම රේගු නිලධාරීන්ට බෙදා දුන් ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කර ඇත.
මේ සියලු විස්තර සහිත විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව වෙත මේ වන විටත් ඉදිරිපත් කර තිබේ.