අධිවේගී මාර්ගවලින් STF ඉවතට.. රක්නා ලංකා නිලධාරීන් රාජකාරියට…!

March 11, 2024 at 4:14 pm | by emanisa.lk

විශේෂ කාර්ය බලකාය අධිවේගී මාර්ගය රාජකාරීවලින් අද (11) සිට ඉවත්කර තිබේ. ඒ වෙනුවට එහි රාජකාරී සඳහා රක්නා ලංකා සමාගමේ නිලධාරීන් අනුයුක්ත කර ඇත.

අධිවේගී මාර්ග ආරම්භ කළ දින සිට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඊට අනුයුක්තව සේවය කළ අතර එම පිරිස ඉවත් කරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට මීට මාස කිහිපයකට ඉහතදී ලිඛිතව දන්වා තිබිණි.

සියලු අධිවේගී මාර්ග ආවරණය වන පරිදි ගැලනිගම, සීදුව, කුරුඳුගහ හැතැක්ම, පින්නදූව හා සූරියවැව ආදී කඳවුරු පහක පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *