විශාලා මහනුවර තුන්බියට වැඩි බියක් මේ වන විට සමාජයට දැනී ඇතැයි ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව රට අතහැර පළා යමින් ඇති අතර කර්මාන්තකරුවන් ඊළඟට කුමන බද්දක් වදී දැයි බියෙන් පසුවන බවයි.
වීදාගම මෛත්‍රී නාහිමියන් අද සිටියේ නම් ඒ පිළිබඳ බුදු ගුණ අලංකාරයේ මෙන් නව කවියක් ලියනු ඇතැයි ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කළේ එම පක්ෂ බදුලු දිස්ත්‍රික් ජන රැලියක් අමතමිනි.