ඉන්ධන ආනයන වියදම ඉකුත් 2023 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 417.5 දක්වා සියයට 19.2 කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2024 වර්ෂයේ ජනවාරි මාසයේ දී බොරතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 133.6 දක්වා සියයට 6.5කින්, පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 245.3 දක්වා සියයට 14.6කින් ද ගල්අඟුරු ආනයන වියදම ඩොලර් මිලියන 38.5 දක්වා සියයට 55.4කින් පහත වැටී ඇති බවයි.
2023 වර්ෂයේ ජනවාරි මාසයේ ඉන්ධන ආනයනය කිරීම සඳහා වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 516.5 කි. ජල විදුලි උත්පාදනය ඉහළ යෑම ඉන්ධන ආනයන වියදම පහත වැටීම සඳහා යම් දුරකට හේතු වී ඇති බව ද මහ බැංකුව විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.