රටේ ප්‍රශ්න විසඳන්න අගමැතිකම ඉල්ලුවා.. ලැබුණේ නෑ…! – උද්දික ප්‍රේමරත්න..

March 4, 2024 at 3:05 pm | by emanisa.lk

නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට එක් වීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ ක‌ළේ, Youtube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙරට පවතින ක්‍රමය වෙනස් කිරීමට නව පරපුරක නායකත්වයක් අවශ්‍ය බවත් නායකත්වය රැකියාව නොකරගත් පිරිසක් සමඟ ඉදිරි ගමන යා යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

තමන් කැනඩාවේ දේශපාලන රැකවරණයක් ඉල්ලා නොමැති අතර වසරක පමණක කාලයක් කැනඩාවේ රැඳි සිට රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කරයි.

දේශපාලනය එක්වීම හේතුවෙන් තමන්ට සිය කලා ක්ෂේත්‍රය අහිමි වූ අතර රට මුහුණ දෙන ප්‍රශ්න විසඳීම සඳහා තමන් අග්‍රාමාත්‍ය ධුරය ද ඉල්ලූ බවයි, උද්දික ප්‍රේමරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *