ශ්‍රී ලංකා මහා බැංකුව පසුගියදා සියයට 70%කින් වැටුප් ඉහළ දමාගනීමට අමතරව 2023 වසර සඳහා ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙනුවෙන් 19.5%ක පොළියක් ද ලබා ගෙන ඇති බව අනාවරණය වෙයි.
එහෙත් මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ පාලනය වන සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවා ඇත්තේ 9%ක් පමණකි.
2022 වසරේදී මහ බැංකු නිලධාරීන් ඔවුන්ගේ EPT සඳහා පොළිය 29.5%ක පොළියක් ගෙවා තිබුණු අතර එවර ද ජනතාවට හිමිවූයේ 9%ක ප්රතිලාභයකි.