නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු දැයි එතුමා සිතා බැලිය යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
මේ අවස්ථාවේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු අයෙකු පොහොට්ටුවේ සිටිනවා ද යන්න පිළිබඳ තමන්ට ද ඇත්තේ බරපතළ දෙගෙඩියාවක් බවයි, ඔහු සඳහන් කළේ.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට නාමල් රාජපක්ෂ පත්කර ඇතැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රකාශයට මාධ්‍ය හමුවක දී පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.