යුදමය තත්ත්වය අවසන් නිසා දැන් ඇත්තේ සහජීවනය ගොඩනැඟීම යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
අතුරුදන් වූවන් සහ සිරකරුවන් පිළිබඳ ගැටලු විසඳීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්රකාශ කළේය.
ඉඩම් පිළිබඳ ජාතික ඉඩම් කොමිසමේ පනත ඉදිරිපත් කරන බව ද පොලිස් බලතලවලට දැන්ම අත ගැසීමට සූදානම් නොමැති බව ද ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළේය.
මේ සඳහා 2/3ක බහුතර බලය ලබා ගැනීමට සෙසු පක්ෂ සමග ද සාකච්ඡා කරන බවයි, ජනාධිපතිවරයා ප්රකාශ කළේ.
2024 අන්තර් ආගමික සමුළුව අමතමින් හෙතෙම මේ බව කීය.