සජිත් කාදිනල් හිමි සමග නව පොලිස්පතිට එරෙහි වෙයි.. ප්‍රබල භික්ෂූන් වහන්සේ පිරිසක් පොලිස්පති වෙනුවෙන් පෙරට…!

February 27, 2024 at 8:04 pm | by emanisa.lk

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිවු බවයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටිය බවත් එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවයි.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බව පවසන ප්‍රේමදාස මහතා ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීම වළකන ලෙස ඉල්ලා කාදිනල් හිමි ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධීකරණයේ දී අද (27) පෙරවරුවේ සලකා බැලූ අතර ඊට මැදිහත් වී කරුණු දැක්වීමට භික්ෂූන් වහන්සේ 07 නමක් අවස්ථාව ඉල්ලා සිටින බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි, ආචාර්ය අකුරටියේ නන්ද හිමි, මහාචාර්ය ඉඳරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, බෝදාගම චන්දිම හිමි සහ උඩුවේ ධම්මාලෝක හිමිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *