ලංවිම සේවකයින්ට ලොවෙත් නැති දීමනා 36ක්…! සේවක ණය පොලී ගෙවන්න 2022ට විතරක් බිලියන 03ක්..!

February 27, 2024 at 6:05 pm | by emanisa.lk

විදුලි බල මණ්ඩල සේවකයින් සහ නිලධාරීන්ට ගෙවන දීමනා වර්ග 36ක් ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ, මෙතරම් දීමනා වර්ග ලබන ආයතනයක් ලොව කොතැනකවත් නැති බවයි.

එම දීමනා 36 අතරින් දීමනා 26ක් සඳහා පමණක් 2006 වසරේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

විදුලි බල මණ්ඩල සේවකයින් ලබා ගත් ණය සඳහා 2022 වසරේ දී පමණක් රුපියල් බිලියන 2.9ක් පොළියක් ගෙවා ඇතැයි ද මෙම ණය වහාම නතර කිරීමට තමන් උපදෙස් දුන් බව ද ඇමැති කාංචන විජේසේකර කීය.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *