අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ.
සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ඒ මහතා කතානායකවරයා වෙත යොමු කළ ලිපියක් මගින් අවධාරණය කළ ඇත්තේ තමන් දේශපාලනයට පැමිණ අපේක්ෂා කළ අරමුණු අත්පත් කර ගැනීම අතිශය අසීරු වී ඇති බවයි.
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තැබීමේ සිද්ධියක් ද වාර්තා විය.
2020 මැතිවරණයට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන පෙරමුණ ඔස්සේ තරඟ කළ උද්දික ප්‍රේමරත්න වෙනුවට පරාජිත ලැයිස්තුවේ ඉහළින් ම සිටින එස්.සී මුතුකුමාරණ පත්වනු ඇත.