මියන්මාරයේ ත්‍රස්තවාදීන් යටතේ පාලනය වන සයිබර් අපරාධ කඳවුර වෙත තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් දෙකක් පැමිණිමට නියමිතව ඇති බවට තමාට වාර්තා වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.
තානාපතිවරයා පවසන්නේ එම කඳවුරේ දැනට රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට නොහැකි පසුබිමක තවත් කණ්ඩායමක් එම කඳවුරට පැමිණීමෙන් ගැටලුව විසඳීම අසීරු වන බවය.
තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන ලෙස මෙරට වැඩිහිටියන්ගෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.
මෙයට පෙර ඉහළ වැටුප් සහිත මෘදුකාංග ඉංජිනේරු රැකියා ලබා දෙන පවසා රැගෙන ගිය පිරිසට විදුලි සැර වැද්දවීම, කසයෙන් තැලීම වැනි වධ හිංසා දීම ත්‍රස්තවාදීන් තවත් වැඩිකර ඇති බව වාර්තා වෙයි.