මේ පවතින තත්ත්වය මත ඉදිරියේදී මැතිවරණයක් පවත්වනු ඇති ද යන්න විශ්වාසයක් නැති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ සුමංගල නාහිමියෝ පැවසූහ.
රටේ ආර්ථිකය මෙපමණ කඩා වැටී තිබිය දී මහ බැංකු සේවකයන්ගේ පමණක් වැටුප ඉහළ දමා තිබීම ද මේ මොහොතේ සුදුසු නොවන කරුණක් බව ද උන්වහන්සේ අවධාරණය කළේය.
මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට ඊයේ (22) සමගි ජන බලවේගයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැමිණි අවස්ථාවේදී මහා නාහිමි එසේ පැවසීය.