ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ඇමැතිවරයා වැඩි දුරටත් පවසන්නේ එය සිය අමාත්‍යංශයේ හෝ ලංවිම මතය නොවන බවයි.
ඉකුත් දා විකාශය වූ රූපවාහිනී වැඩසටහනක දී විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්රකාශකයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් මතු විය.
ඒ සම්බන්ධයෙන් නොයෙල් ප්‍රියන්ත නිවේදනයක් ද නිකුත් කරමින් පවසන්නේ පසුගිය දා විකාශය කෙරුණු රූපවාහිනී වැඩසටහනක දී තමන් සිදු කළ යම් ප්‍රකාශයක් නිසා කිසියම් ජන කොට්ඨාසයකට සිත් තැවුලක් ඇති වූයේ නම් තමන් ඒ පිළිබඳව කණගාටුවන බවයි.