ශ්‍රී ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් කරන්න ගිය හරීන්ට වැඩ වරදී..! ජාතික ව්‍යාපාර ඇමතිට එරෙහිව නඩු මගට බසී..!

February 18, 2024 at 10:47 am | by emanisa.lk

ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පැවරීම සඳහා, නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉකුත් දා අමාත්‍යවරයා ඉන්දියාවේ දී, කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි, ‍එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබාදෙන දිවුරුම කඩ කර ඇති බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ, අමාත්‍යවරයාගේ ප්‍රකාශය හරහා මෙරට ස්වෛරීභාවය උල්ලංඝනයන කරන බවත් එම හේතු මත අමාත්‍යවරයාට එරෙහිව නුදුරු දිනයක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර ඉකුත් දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා ද සඳහන් කළේ, “ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්,” බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *