කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඊයේ (16) බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙපිරිසක් අධිකරණයේ සිරමැදිරිය තුළදී ගුටි බැට හුවමාරුකරගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් අධිකරණය තුළ ඇතිවූ නොසන්සුන්තාවය මත එහි කටයුතු වලට බාධා ඇතිවී ඇතැයි වාර්තා වෙයි.
බන්ධනාගාරයේ සිට බස් රථ තුනකින් සැකකරුවන් 150කට ආසන්න පිරිසක් රැගෙනවිත් සිර මැදිරිය තුළ රඳවා සිටියදී එලෙස ඔවුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු සිර මැදිරිය තුළට ගොස් එම ගැටුම වළක්වාලීමට කටයුතු කර ඇත.
ඒ හේතුවෙන් අධිකරණයේ කටයුතු විනාඩි කිහිපයකට නවතා දැමීමට ද සිදුව ඇති බව වාර්තා විය.