ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොල් මලක් පොළොවේ ගැසුවා සේ විසිර ගොස් ඇතැයි සමගි ජන බලවේග අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධාක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පොදුජන පෙරමුණට නැවත කිසිදා දේශපාලන අනාගතයක් නොමැති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ශාන් විජයලාල් ද සිල්වා මේ වන විට සමගි ජන බලවේග අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධාකවරයා ලෙස කටයුතු කරයි.