ලොහාන් රත්වත්තේ දින පහෙන් රාජ්‍ය ඇමැති ධූරය අතහරී…!

February 3, 2024 at 9:41 am | by emanisa.lk

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්ව තිබේ.

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

ලොහාන් රත්වත්තේ අදාළ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වූයේ පසුගිය 29 වෙනිදාය. මීට පෙර මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා යටතේ පැවති අතර, වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය දැරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *