ටෙලිකොම් ඉන්දීය සහ චීන සමාගම් දෙකකට..!

January 31, 2024 at 4:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ටෙලිකොම්හි රජය සතු 50.23% බහුතර කොටස් ලබා ගැනීම සඳහා මේ වන විට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් සුදුසුකම් ලබා ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් යන සමාගම් දෙක ය.

ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම සහ චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙට්ටිගෝ කොමර්සියෝ ඉන්ටර්නැෂනල් සමාගම ඉදිරිපත් ව සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *