විදුලි බිලක තිබූ සත 18ක හිඟ මුදලක් නොගෙවීම හේතුවෙන් ගාල්ල, ගල්වඩුගොඩ ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කර ඇත.
තමා විදුලි බිල ගෙවන අවස්ථාවේදී සත 18ක හිඟයක් තිබූ බවත් සත 18ට විදුලිය නොකපන බව ලෙකෝ සමාගම පැවසූ නමුත්, පසුව ඔවුන් නිවසට පැමිණ විදුලිය විසන්ධි කර ඇති බවත් එම නිවැසියා සඳහන් කරයි.
තමාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීම නිසා ශීතකරණයේ තිබූ ඖෂධ ඇතුළු ද්‍රව්‍ය රැසක් විනාශ වී ඇති බව ලෙකෝ සමාගමට දැනුම්දුන් පසු ඊට අදාළව වන්දියක් ගෙවන බව ඔවුන් පැවසූවේ යැයි නිවෙස් හිමියා වැඩි දුරටත් සඳහන් කළේය.