පක්ෂෙට අරමුදල් එන හැටි අහන්නේ නෑ…විවාදෙකට එන්න…! – දිලිත් අනුරට කියයි…

January 27, 2024 at 7:30 pm | by emanisa.lk

මව්බිම ජනතා පක්ෂය කිසිසේත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මුක්කු නොගසන බව එහි නායක දිලිත් ජයවීර පවසයි.

එයට හේතුව ඔහු මේ රටේ සභ්‍යත්වය විශ්වාස නොකරන අනාගතය ගැන නොසිතන පුද්ගලයෙකු වීම බවයි, ඔහු ප්‍රකාශ කළේ. 2048 රට දියුණු කරන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශය පුහු සටන් පාඨයක් පමණක් බව ද හෙතෙම කීය.

රනිල් වික්‍රමසිංහගේ මිත්‍රයින් වන අනුර දිසානායකට නැවත වරක් විවාදයකට ආරාධනා කරන බවත් එහි දී පක්ෂයට අරමුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න නොකරන බවත් දිලිත් ජයවීර වැඩි දුරටත් ප්‍රකාශ කළේ, එම පක්ෂයේ අනුරාධපුර ජන හමුවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *