පෝර හදන මුවාවෙන් කුණු මාළු නැවක් ගෙනැල්ලා…! කන්ටේනර් 04ක කුණු මාළු සැමන් කරලා…?

January 27, 2024 at 3:06 pm | by emanisa.lk

සීෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් ගත් නෞකාවක තිබූ නරක් වූ මාළු අඩංගු බහාලුම් 98ක් කාබනික පොහොර සෑදීමට බව කියමින් මෙරටට ගොඩ බා ඇති බව රජයේ ගිණුම් කාරක සභාවේ දී අනාවරණය විය.

එම නෞකාව මෙරටට ගෙන ඒමට කටයුතු කළ මෙරට නියෝජිතයා සතු ව සැමන් කර්මාන්ත ශාලාවක් පවතින බවත් නෞකාවේ තිබු නරක් වූ මාළු අඩංගු බහාලුම් 04කට සිදු වූ දෙයක් නොමැති බවත් එහි දී වැඩිදුරටත් හෙළි වී තිබේ.

මේ සඳහා ආනයන බලපත්‍රයක් ද ලැබී ඇති අතර ආනයන අපනයන පාලක ජනරාල් ටී.ටී. උපුල්මලී ප්‍රේමතිලක පැවසුවේ, මෙම බලපත්‍රය මත්ස්‍ය අපද්‍රව්‍ය සඳහා නිකුත් කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *