පෞද්ගලික හෝටලයක සේවය කරන තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ එම හෝටලයේ මානව සම්පත් කළමනාකරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එම හෝටලයේ ගණකාධීකාරීවරයා ද වෙයි.
අදාළ තරුණියගේ සේවය ස්ථිර කර 75%ක සේවා ගාස්තුව සම්පූර්ණ කර කරදරයකින් තොරව රැකියාව කිරීම සඳහා අවස්ථාව ලබා දීමට මෙම කළමනාකරු ලිංගික අල්ලස් ඉල්ලා තිබේ. ඒ අනුව හබරණ ප්රදේශයේ හෝටලයක කාමරයකට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබේ.
මේ පිළිබඳ එම තරුණිය කළ පැමිණිල්ලක් අනුව සැකකරු හබරන හෝටලයේ දී අත්අඩංගුවට ගත්තේ අල්ලස් පනත පෞද්ගලික අංශය ද ආවරණය වන පරිදි බලවත් කිරීමත් සමගය.