බදු ෆයිල් වහලා හොරාකමට ලයිසන් දුන් අය අද ටින් අංක දෙනවා..! – ගෙවිඳු…

January 26, 2024 at 2:53 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව ප්‍රකාශ කළේ රටේ ඍජු බදු 20%ක සහ වක්‍ර බදු 80%ක පවතින බවත් එය ඍජු බදු 40%ක් සහ වක්‍රබදු 60%ක් දක්වා ගෙන ආ යුතු බව යැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහෙත් මේ වන විට සිදුකරමින් ඇත්තේ නැවත වතාවක් වක්‍ර බදු ඉහළ නැංවීම බවයි.

පෞද්ගලික බදු අංකයක් හඳුන්වා දීමේ වරදක් නැති වුව ද මෙරට සෑම රාජ්‍ය සේවකයෙකුට ම 1977ට පෙර බදු ලිපි ගොනුවක් පැවැති බවත්, එහෙයින් ඔවුන් හොරකමට වංචාවට බිය වූ බවත් ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ද ඇමැති ධූරයක් දැරූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට නින්දාවක් යැයි පවසමින් දහස් ගණනක් බදු ෆයිල් වසා දැමමින් සොරාකෑම මුල්කරගත් මජර ආර්ථිකයක් සඳහා පදනම දැමූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

අද නැවත වටයකින් ජනතාවට බදු ෆයිල් විවෘත කරමින් ටින් අංක හඳුන්වා දීමට ඔවුන්ට ද සිදුව ඇතැයි ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ සියත රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *